මෙහෙමත් ගුවන් අනතුරු

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දී කුඩා ගුවන් යානයක්, ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක වහලයක් මතට කඩා වැටී අනතුරක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ඒ සමග ගොඩනැගිල්ලේ ගින්නක්ද හටගෙන තිබෙනවා. සිද්ධියෙන් 20 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා වෙනවා.
මෙය දින කිහිපයක් ඇතුළත සිදුවූ ලොව සිව්වැනි ගුවන් අනතුරයි.