හඬපට කතාවේ ඇත්ත නැත්ත

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටය සම්බන්ධයෙන්, පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Clean sri lanka – 2025” වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම් දීමයි, යනුවෙන් කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
පොලිස් ආඥා පනතේ වගන්තියක් සඳහන් කරමින් මහජනතාව විසින් තම නිවෙස් ඉදිරිපිට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීම ඇතුළු තවත් කරුණු සම්බන්ධයෙන් අවධාරණය කර ඇති බවටත්, එසේ ක්‍රියානොකරන පුද්ගලයින්ට එරෙහිව 2025.01.15 වන දිනෙන් පසු නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවටත් එම හඬ පටයේ සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් එම හඬ පටය අසත්‍ය හඬ පටයක් බවත්, එවැනි හඬ පටයක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර නොමැති බවටත් පොලීසිය අවධාරණය කරනවා.
ඒ අනුව අදාළ හඬ පටය නිකුත් කල පුද්ගලයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.