සීමා ලිහිල් කළ පසු ආනයනය කළ සහල්

සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු අද (18) සවස 3.30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 ක් ලෙස වාර්තා වෙනවා.
ඉන් මෙට්‍රික්ටොන් 6,000ක් කැකුළු සහල් වන අතර, ඉතිරි 10,000 නාඩු සහල් වෙන බව සඳහන් වෙන බව රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා සඳහන් කරනවා.
පසුගිය දෙසැම්බර් 04 වනදා සිට සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමෙන් පසු මේ දක්වා සහල් මෙට්‍රික්ටොන් 16,000ක් මෙලෙස රැගෙනවිත් තිබෙනවා.