සිසුන් 06 ක් රෝහල් ගත කෙරේ

සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 06 දෙනෙකු බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ, පිටගැස්ම වැළැක්වීමේ එන්නත ලබාදීමෙන් පසුව වූ රෝගී තත්වයක් හේතුවෙනි.

සාමාන්‍යයෙන්, ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම පෙර, කෘෂි විද්‍යා පීඨයේ සිසුන්ට මෙම එන්නත ලබා දීම සිදුවන බව සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කරනවා.

ඊයේ (17) පෙරවරුවේ එම එන්නත ලබා දීමට කටයුතු කරමින් සිටියදී, සිසුන් 06 දෙනෙකුට ලබා දී ඇත්තේ කල් ඉකුත්වු එන්නත් බවට හෙළිවී තිබෙන බවත්, ඒ බව හෙළි වූ මොහොතේ එන්නත්කරණය නතර කිරීමට පියවර ගත් බවත්, උපකුලපතිවරයා පවසනවා.

කල් ඉකුත්වු එන්නත් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෙදියන් විසින් සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂනයක් ක්‍රියාත්මක බවත් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *