සියළු පියවරයන් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලයි

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

දැනට ඉදිකරමින් පවතින මෙම ගුවන් පථයට ගුවන් හමුදාපතිවරයා ගුවන් නියමුවකු ලෙස කටයුතු කරමින් y12 වර්ගයේ ගුවන් යානයක් පරීක්ෂණ ගොඩබැස්සවීමක් සිදුකරමින් එම පථයේ ප්‍රමිතිය පිළිබදව සොයා බැලීමට මෙහිදී කටයුතු කළා.

ජාත්‍යන්තර මට්ටමේ ගුවන් ධාවන පථයක් ලෙස ඉදිකිරීමට නියමිත හිඟුරක්ගොඩ ගුවන් පථය මීටර් 2,500 කින් යුක්තයි. මෙහි සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන අතර, ඒ සඳහා සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය උපදේශන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලබා දෙනවා.

එමෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම එයට අවශ්‍ය නිසි මගපෙන්වීම හා නෛතික රාමුව සපයනු ලබනවා.

මෙම ගුවන්තොටුපොළ ඉදිකිරීමේ ව්‍යාපෘතිය පසුගිය වසරේ අගෝස්තු 19 වනදා ගුවන් හමුදා විශේෂ ව්‍යාපෘති කලමනාකරණ ඒකකය විසින් නිල වශයෙන් ආරම්භ කරනු ලැබූ අතර, එය අදියර හතරක් යටතේ සැලසුම් කර තිබෙනවා.

ඉන් පළමු අදියර ලෙස ප්‍රධාන ධාවන පථය ඉදිකිරීමට නියමිතව ඇති අතර, මේ වනවිටත් පළමු අදියර යටතේ ප්‍රධාන ධාවන පථයේ මීටර් 2,500 කින් යුතු ධාවන පථයෙන් මීටර් 850 ක් ඉදිකර අවසන් බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *