සියල්ල අතරින් චීනය පෙරමුණට

කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ (COP16) ස්ථාපිත (චීන මණ්ඩපය) පැසසුමට ලක්ව තිබෙනවා. සමුළුව පැවැත්වුණේ සෞදි අරාබියේ Riyadh නුවරදීයි.

කාන්තාරකරණ වැළැක්වීම් හා එය පාලනය මෙන් ම උතුරු චීනයේ පාරිසරික තත්ත්වයන් වැඩිදියුණු කිරීමට ගෙන ඇති චීනයේ ප්‍රධාන මුලපිරුමක් වන Three-North Shelterbelt නම් වනාන්තරකරණ වැඩසටහනෙහි ප්‍රගතීන් හා අත්දැකීම් බෙදා දීම උදෙසා වන (චීන මණ්ඩපය) එහි ස්ථාපිත කර තිබෙනවා.

හුවමාරු, සහයෝගිතා හා අත්දැකීම් බෙදා දීම ඉන් තහවුරු කර ඇති අතර එම මණ්ඩපය ජගත් ප්‍රජාවේ අවධානයට හා අගැයීමට ලක්ව තිබීම විශේෂත්වයක් වෙනවා.

2023 වසර අවසානය වන විට, චීනයේ වන ආවරණ අනුපාතය 25% ඉක්මවා ගොස් ඇති අතර වන ගහනය ඝණ මීටර් බිලියන 20 ඉක්මවා ඇති බව සඳහන් වෙනවා.

කෘත්‍රිම වන වගා පරිමාණය ලොව පුරා පෙරමුණ ගෙන ඇති පසුබිමක, ගෝලීය වශයෙන් වනාන්තර වර්ධන ප්‍රමාණය ඉහළම මට්ටමක පවතින රට බවට චීනය පත් ව සිටීම ද කැපී පෙනෙන්නක් බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *