සිද්ධියට හේතුව ඒකම වෙන්න පුළුවන්ද?

අසර්බයිජාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කසක්ස්තානයේදී අනතුරට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ගුවන්යානය අද (25) අසර්බයිජානයේ බකූ අගනුවර සිට රුසියාව බලා පිටත්ව ඇති අතර, අදාළ ගුවන් යානය මගීන් හැට දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇති බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
කෙසේ නමුත් පැවති මීදුම් සහිත කාලගුණය හමුවේ ගුවන් යානය කසක්ස්ථානයේ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට නියමිතව තිබූ බව විදෙස් වාර්තා වල සඳහන් වෙනවා.
යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අනතුරින් පසු ඇතිවූ ගින්න හැකි ඉක්මණින් නිවා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අද සවස් වරුව වන විට මෙම අනතුරට පත්වූ ගුවන් යානයේ සිටි මගීන් 27 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව නිශ්චිතවම වාර්තා වී නැත.