කොරියා රැකියා අවස්ථා

නියමිත වීසා කාලය අවසන්ව දකුණු කොරියාවේ නීති විරෝධීව රැඳි සිටින ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමට වහාම අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා අවධාරණය පවසනවා.

එසේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ගේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කරනවා.

විශේෂයෙන් ම මේ ආකාරයට කොරියානු රැකියා සඳහා යොමුවන පිරිසගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් ඉදිරියේදී මෙරටට ලැබෙන රැකියා කෝටාව තීරණය වන බැවින් නියමිත වීසා කාලය අවසන් වී ඇත්නම් නීතිවිරෝධීව දකුණු කොරියාවේ රැඳි නොසිටින ලෙසට ඒ මහතා ඉල්ලා සිටිනවා.

දකුණු කොරියාවේ රැකියා සඳහා අද (07) පිටත්ව යන ලාංකිකයින් 96 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේදී එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

ඔවුන් මේ වසරේ දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමයි.

ඒවගේම 2025 වසරේ ශ්‍රී ලාංකිකයින් 8,000 ට ආසන්න පිරිසකට දකුණු ‍කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා පවසනවා.

දකුණු කොරියාවට ශ්‍රමිකයින් බඳවා ගන්නා රටවල් 16 අතර, වඩා ඉහළ දක්ෂතාවයන්ගෙන් යුතු ගුණාත්මක ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවෙන් යොමුකිරීමට ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *