සාකච්ඡා වට ගණනාවක ප‍්‍රතිඵලය

පුරා මාස 04 ක් තිස්සේ, ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාව මත මෙම තීරණයට පැමිණ ඇති බව එම වාර්තා සඳහන් කරනවා.

ඉකුත් 2023 වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීම මෙම යුද්ධයේ ආරම්භය සිදුවුණු අතර, එම ප්‍රහාරවලින් ඊශ්‍රායලය වැසියන් 1,200 ක් පමණ මිය ගොස් තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ නමුත් එම ප්‍රහාරයන් සමග ඊශ්‍රායලය ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගත වූ මාස 15 ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වල සඳහන් වෙනවා.

මේ අතර, අපට ප්‍රාණ ඇපකරුවන් සඳහා ගිවිසුමක් ඇති වී ඇති බවත්, ඔවුන් ඉක්මනින් නිදහස් කරනු ඇති බවත්, අමෙරිකානු ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වන අතර, මෙහි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාවෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *