ගුවන් සේවයට සයිබර් ප‍්‍රහාරයක්

ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ හේතුවෙන්, දේශීය සහ විදේශීය ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී ඇති බව X පණිවුඩයක් නිකුත් කරමින් ජපාන ගුවන් සේවය සඳහන් කර තිබෙනවා.

මේවන විට මෙම පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව ජපාන ගුවන් සේවය සඳහන් කරන අතර, මේ වනවිටත් ඇතැම් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ තත්වය හේතුවෙන් ගුවන් මගී ගමන් මලු කළමනාකරණ ක්‍රියාවලියට ද බාධා එල්ල වී තිබෙන බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *