සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටෙයි

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා ලොවපුරා බිඳ වැටීමකට ලක් වුණු බව
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විශේෂයෙන් ම රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව සඳහන් වෙනවා.

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා බිඳ වැටීම හේතුවෙන් පැය ගණනාවක් යනතුරු පරිශීලකයින්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුවුණා. X පණිවිඩයක් නිකුත් කරමින් මෙටා සමාගම සිය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට දැනුම් දුන්නේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මෙටා සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම් පරිශීලනය කරන්නන්ගෙන් සමාව අයැද සිටියා.

ඊයේ පස්වරුව වනවිට Facebook අවහිරතා සම්බන්ධයෙන් පරිශීලකයින් 22,000 ක් පමණ වාර්තා කර තිබූ අතර, 18,000 ක් පමණ WhatsApp පරිශීලකයින් ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණු බව වාර්තා වෙනවා.

ඒ වගේම සියලුම සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ලැබුණූ පැමිණිලි ලක්ෂයකට වඩා වැඩි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වෙතත් මෙටා සමාගම දැනුම් දෙන්නේ ඊයේ බිඳ වැටුණු සිය සේවා සැපයුම මේ වනවිට 99% ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

මෙටා සමාගමේ සමාජ මාධ්‍ය ගිණුම් බොහෝමයක් ලොවපුරා ඉතා ප්‍රචලිත අතර, මාසිකව Facebook පරිශීලනය කරන සක්‍රීය පිරිස බිලියන තුනකට අධික වෙනවා.

2021 වසරේදී ද මෙටා සමාගම මෙවැනිම ලොවපුරා සිය සේවා බිඳ වැටීමකට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය සිහිපත් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *