සති දෙකට මේ තරම් ගොඩක්

මේ වසරේ ගෙවුණු සති දෙකක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,352 ක් වාර්තා වු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කෙසේ වෙතත්, එම කාලය තුළ කිසිදු ඩෙංගු මරණයක් වාර්තා වී නොමැති බව වාර්තා වෙනවා.
වාර්තා වන රෝගීන්ගෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 374 ක් වෙනවා. ඊට අමතරව, කොළඹින් රෝගීන් 304 ක්, ගාල්ලෙන් රෝගීන් 169 ක් සහ මහනුවරින් රෝගීන් 134 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
මේ අතර පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 49,887ක් සහ ඩෙංගු මරණ 24ක් වාර්තා වී තිබූ බව එම ඒකකය වාර්තා කරනවා.