ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව

එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම, එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ලොවපුරා අතිශයින් ප්‍රචලිත ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම චීනයේ .බයිට් ඩාන්ස්. නම් තාක්ෂණික සමාගමට අයත් වෙන අතර, 2012 වසරේදී නිර්මාණය කෙරුණු මෙම යෙදවුම ඉතාම කෙටි කලක් තුළ ලොව වඩාත් වේගවත්ම සමාජ මාධ්‍ය ජාලය ලෙස ප්‍රසිද්ධියට පත්වුණා. ටික්ටොක් යෙදවුම සඳහා අන්තර්ගත නිර්මාණකරුවන් රාශියක් ලොවපුරා බිහිවූයේ ඊට වෙනමම කර්මාන්තයක් ලෝකයේ බිහිකරමිනි.
මේ අතර චීන නිෂ්පාදනයක් වන ටික්ටොක් යෙදවුම හරහා චීනය අමෙරිකාවේ තොරතුරුවලට පිවිසෙන බවත්, එය අමෙරිකාවට තර්ජනයක් බවටත් එරට රජයේ ජාතික ආරක්ෂක බලධාරීන් චෝදනා කර තිබෙනවා.
ඒ අනුව, එම යෙදවුම අමෙරිකානුවෙකු වෙත අලෙවි කරන ලෙස ටික්ටොක් අයත් බයිට් ඩාන්ස් සමාගමට නියෝග කර තිබෙනවා. එසේ නොමැති නම් ජනවාරි 19 වැනිදා සිට එම යෙදවුම අමෙරිකාව තුළ තහනම් වනු ඇති බවට ද දැනුම් දී තිබුණූ බව සඳහන් වෙනවා.
කෙසේ වෙතත්, එම සමාගම, මෙම නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එය ප්‍රතික්ෂේප කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිය පූර්ව තීන්දුව ප‍්‍රකාශ කර තිබෙනවා.
මිලියන ගණනක් වූ අමෙරිකානු ටික්ටොක් පරිශීලකයන් සහ අන්තර්ගත නිර්මාණකරුවන් මෙම නියෝගය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ටික්ටොක් යෙදවුම පිළිබඳ තීරණය තමා ඉදිරියේදී දැනුම් දෙන බව අමෙරිකාවේ තේරීපත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. .එම තීන්දුව කුමක්දැයි බලාසිටින ලෙස. ඔහු සඳහන් කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.