ශ‍්‍රී ලංකා – නවසීලන්ත ක‍්‍රිකට් සංචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී නවසීලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතයි.

එළැඹෙන දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී මෙම තරග සංචාරය සිදුකෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

එහිදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 03 ක් සහ 20 – 20 තරග 03 ක් ක්‍රීඩා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

ඒ අනුව, විස්සයි 20 තරග දෙසැම්බර් 28, 30 සහ ජනවාරි 2 යන දිනවලදී පැවැත්වෙන වන අතර, එක්දින තරග ජනවාරි 05, 08 සහ 11 යන දිනවලදී පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *