ශකීබ්ගේ පන්දු යැවීමේ තහනම

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන් ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරගාවලිවලදී පන්දු යැවීම අත්හිටුවා ඇති බව පැවසෙනවා.

ඒ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරගවලදී ශකිබ් ට පන්දු යැවීම පසුගියදා තහනම් කර තිබෙනවා. ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින්.

ඒ අනුව, ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතු වෙනවා.

කෙසේ වෙතත් ඔහු මේ වනවිට ශ්‍රී ලංකා ඔ 10 තරගාවලිය සඳහා එක්වී සිටිනවා.

ගෝල් මාවල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ශකිබ් පසුගිය තරග දෙකේදී ම පන්දු යවා නැත.

ටෙස්ට් සහ ඔ20 ජාත්‍යන්තර තරගවලින් සමුගත් ශකිබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *