වෙළෙඳ ගොඩනැගිල්ලක ගින්නක්

දකුණු කොරියාවේ ෂියොන්ග් නගරයේ වෙළෙඳ ගොඩනැගිල්ලක දරුණු ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගින්න හටගෙන තිබුණේ මහල් 8 කින් යුතු ගොඩනැගිල්ලේ පළමු මහලේ පිහිටි අවන්හලක් තුළ බව සඳහන් වෙනවා.
ගිනිනිවීමේ මෙහෙයුම් සඳහා ගිනි නිවන රථ 82 ක් සහ ගිනි නිවන සේවකයින් 100 ක් පමණ යොදවා තිබුණු බවත්, ගින්න හේතුවෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැති අතර පුද්ගලයින් 12 දෙනෙකු රෝහල්ගත කර තිබෙන බවත් වාර්තා වෙනවා.
ගින්න අතරතුරදී පුද්ගලයින් තිස් දෙනෙකු ගොඩනැගිල්ලේ සිරව සිට තිබූ අතර, පසුව ඔවුන් ආරක්ෂිතව මුදා ගැනීමට ගිනි නිවන සේවකයින් සමත්ව තිබුණු බව සඳහන් වෙනවා.