වෙලේ සුදාගේ ඉරණම

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට අද (15) කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 8 බැගින් සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලට වරදකරුවන් කරමින්.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන් අතර, දඬුවමට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල් ද, නීති විරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමට ද නියම කර තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *