වෙනස් වෙන උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

2024 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය -0.7% ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1% ක් දක්වාත් පහළ ගොස් ඇති බව නවතම දත්ත පෙන්වනවා.

මේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *