වෙඩි ප‍්‍රහාරය සිදු කළ පාසල් සිසුවිය

අමෙරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලකදී සිදුකළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිදුවීමෙන් මියගොස් ඇත්තේ ගුරුවරයෙක් සහ සිසුවෙකි. ඒ වගේම, තුවාල ලැබූ පිරිසෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වෙනවා.
වාර්තා වන පරිදි මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ 15 හැවිරිදි සිසුවියකි. සිදුවීම අතරතුර මෙම වෙඩිතැබීම සිදුකළ සිසුවියද මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
