විශේෂ කාළගුණ නිවේදනය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ දිවයින වටා මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා පැය 24ක පමණ කාලයක් දක්වා වලංගුවන පරිදි දැඩි අවදානයෙන් සිටින ලෙසයි.

නිවේදනයේ සඳහන් වෙන්නේ, ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුල අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින අතර, එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි.

ඉන් පසුව එළඹෙන දින දෙක තුළ එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව ද දැනුම් දී තිබෙනවා.

එම නිවේදනය පහත පරිදි වේ.

අනතුරු ඇඟවීම් මුහුදු ප‍්‍රදේශ සඳහා,

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50-60 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. එම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි පැවතිය හැකියි.

කන්කසන්තුරය සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම විටින් විට තරමක් රළු විය හැකියි.

අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග,

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවුක කටයුතුවල යෙදෙන ප්‍රජාව, මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබෙනවා.

ගොඩබිම ප්‍රදේශය සඳහා, මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන්ම දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙස දන්වා තිබෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *