විශේෂ අවධානයක් යොමු කරන්න

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බව සඳහන් වෙනවා.

ඒ අනුව, එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත්, එම දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

මේ හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත්, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *