විපක්ෂ නායකවරයා මොකද කරන්නේ?

මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී සිදුවී තිබෙනවා.
මෙහි දී දෙපාර්ශ්වය අතර ආර්ථික, සමාජීය හා දේශපාලන කරුණු රැසක් හුවමාරු වී තිබෙන අතර, එහි දී විපක්ෂ නායකවරයා විසින් ළගම අසල්වැසියා ලෙස දශක ගණනාවක් පුරා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කර සිටි බව විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. ඒ වගේම, අප රටේ පවතින ආර්ථික අර්බුධය ජය ගෙන බංකොලොත්භාවයෙන් මිදීමට අවශ්‍ය සහයෝගය ඉදිරියටත් ලබා දෙන ලෙස ද විපක්ෂ නායකවරයා, ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා.