විනය කමිටුවට යන දයාසිරි

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.
දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව චෝදනා ගොනුකර තිබෙන බව මෙහිදී ඔහු පවසා තිබෙනවා.
