විදේශ විනිමය සංචිත වල වැඩිවීමක්

මෙම වසරේ නොවැම්බර් මස අවසානය වන විට චීන විදේශ විනිමය සංචිතය ඇ.ඩො. ට්‍රිලියන 3.2659 ක් වූ බව එරට නිල දත්ත වාර්තාවල සඳහන් වෙනවා.
එය ඔක්තෝබර් මස අග සිට ඩොලර් බිලියන 4.8 කින් නොහොත් 1.15% කින් ඉහළ යාමක් බවයි වාර්තා වෙන්නේ.
ප්‍රධාන ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති, වෙළඳපොල අපේක්ෂාවන් සහ සාර්ව ආර්ථික දත්ත මගින් බලපෑමට ලක් වූයේ ඇමරිකානු ඩොලර් දර්ශකය සහ ගෝලීය මූල්‍ය වත්කම් මිල යන දර්ශක පසුගිය මාසයේ ඉහළ යාම හේතුවෙන් බව විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනයේ ප්‍රකාශනය සඳහන් කරනවා.
මුදල් පරිවර්තනය සහ වත්කම් වල මිලෙහි සිදුවන වෙනස්වීම් වැනි සාධකවල ඒකාබද්ධ බලපෑම් හේතුවෙන් චීනයේ විදේශ විනිමය සංචිත පසුගිය මාසයේ දී ප්‍රසාරණය වූ බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
ඒවගේම චීනයේ ආර්ථික ප්‍රකෘතිය වේගවත් වෙමින් පැවතීමත්, වෙළඳපොළ විශ්වාසය ද වැඩිදියුණු වෙමින් පැවතීමත්, රට තුළ විදේශ විනිමය සංචිතවල ස්ථායී පරිමාණය පවත්වා ගැනීමට උපකාරී වන බව චීන විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.