විදේශකයෙකුට මාංචු

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර ඇති බව පොලීසිය පවසනවා.
සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4 ක් සහ ග්‍රෑම් 06 ක් බරැති මත්පෙති 12 ක් සොයාගෙන තිබෙව බව සඳහන් වෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු තැපැල් මඟින් අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර මෙම ජාවාරම සිදුකරන බවයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු බව පොලීසිය සඳහන් කරනවා.