වැඩ බලන පොලිස්පතිගෙන් සැර ප‍්‍රකාශයක්

නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තව දුරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
විශේෂයෙන් ම විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බව .නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය. යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ, විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර තිබෙනවා.
අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බව අවධාරණය කර සිටි වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ, අපරාධ මර්දනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීම නිසා අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බවයි.
මේ අතර පසුගිය කාලයේ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කර තිබෙන්නේ, මෙම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිට අපරාධ මෙහෙයවන බවයි.
“ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා.”
ඒ වගේම, විෂ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් ද පොලීසියට විශේෂ වගකීමක් පැවරෙන බව පැවසු වැඩබලන පොලිස්පතිවරයා, වැඩිදුරටත් පවසා තිබෙන්නේ, පසුගිය 2024-09-23 වන දින සිට 2025-01-10 දින දක්වා සිදුකළ මෙහෙයුම්වලින් පහත දැක්වෙන මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇති බවයි.
හෙරොයින් 373Kg ක්
ගංජා\කේරළ ගංජා 3504Kg ක්
අයිස් 751Kg ක්
කොකේන් 3.7Kg ක්
හෂීස් 167Kg ක්
වෙනත් මත්ද්‍රව්‍ය 482Kg ක්
විශේෂයෙන් මෙතෙක් ලංකා ඉතිහාසයේ ගොඩබිමකින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ද පසුගිය කාලයේ සොයාගෙන ඇති බව ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා තිබෙනවා.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ දෙවන පෙළ සාමාජිකයින් 1,415 ක් හඳුනාගෙන ඇති බවත්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.