වාලම්පූරි 04ක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්යය බලකා පුත්තලම කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අලෙවි කිරීම සඳහා වාලම්පුරි 04ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් මාදම්පේ සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි හා 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කරුවලගස්වැව වනජීවි කාර්යාලය වෙත භරදී ඇති බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *