වසර 37 කට පසු ලංකාවට පදක්කමක්

ආසියානු බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පදක්කමක් දිනා ගැනීමට අද සමත් වුණා. එහි විශේෂත්වය වෙන්නේ ලාංකීය ක‍්‍රීඩකයෙකු මෙම අවස්ථාවට හිමිකම් කිව්වේ වසර 37කට පසු වීමයි.

මෙම දක්ෂතාවය දැක්වූයේ උමයංග මිහිරාන් ක‍්‍රීඩකයායි. ඔහු කිලෝග්‍රෑම් 51 ෆ්ලයිවෙයිට් බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

මින් පෙර එනම්, 1987 වසරේදී ශ්‍රී ලංකාවේ පී.එල්.ජේ.රත්නසූරිය මෙම ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙන බව වාර්තා වෙනවා.

මෙවර ආසියානු බොක්සිං ශූරතාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ සත්කාරකත්වයෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *