වසර 18 කට පසු සිදුවන හමුවීමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පාකිස්තාන ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පළමු තරගය මුල්තාන් හිදී අද (17) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරග 2 කින් සමන්විත මෙම තරගාවලිය, ICC ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වෙන බව සඳහන් වෙනවා.

අද ආරම්භවන තරගයේ විශේෂත්වය වන්නේ, මෙය වසර 18 කට පසු දෙරට අතර පාකිස්තානයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය වීමයි. අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පාකිස්තානයේ ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2006 වසරේදීයි.

එවක කොදෙව් කණ්ඩායම මෙහෙයවා ඇත්තේ, බ්‍රයන් ලාරා විසිනි.

කෙසේ නමුත් තරග 3 කින් සමන්විත වූ එම තරගාවලිය තරග 2-0 ක් ලෙස ජයගැනීමට සමත් වූයේ ඉන්සමාම් උල් හක්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායමයි.

2006 වසරෙන් පසුව පාකිස්තාන කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සත්කාරකත්වය ලබාදුන් සෑම ටෙස්ට් තරගයක්ම පත්වා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බව සඳහන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *