වසර 105 කට පසු ඔක්ස්ෆර්ඩ් ගිය ලාංකික භික්ෂූන් වහන්සේ

වසර 105කට පසුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමක් සුදුසුකම් ලැබුවා.

එම අවස්ථාව හිමිවී ඇත්තේ පූජ්‍ය වඩිගල සමිතරතන ස්වාමීන් වහන්සේටයි.

මාතලේ ලග්ගල ප්‍රදේශයේ උපන් උන්වහන්සේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් වෙනවා.

උන්වහන්සේට දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබී ඇති අතර, එය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සහ ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් බව එම විශ්වවිද්‍යාලය පවසනවා.

මීට පෙර ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ නමක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන වරම් හිමිකරගත්තේ 1919 වසරේදී වන අතර, ඒ පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන් වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *