වසර ගණනාවකට පසු සාර්ථක ඉලක්කයක්

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි ඇති සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
දෙසැම්බර් මාසයේ දී පමණක් 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බව එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කරනවා.
විශේෂයෙන් ම දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇති බවට සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද ඔහු පවසනවා.
සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත්, එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා වැඩිදුරටත් පවසනවා.