වසරේ දර්ශණීයම උල්කාපාත වර්ෂාව

මෙම වසරේ දර්ශණීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව (Geminids meteor shower) අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව උල්කාපාත වර්ෂාවක දර්ශනීය සහ උච්චතම අවස්ථාව දැක බලා ගැනීමට හෙට රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට හැකියාව ලැබෙන බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

රාත්‍රී 9 න් පසුව උතුරු නැගෙනහිර අහසේ ‍දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාවේදී පැයකට උල්කාපාත 120 ක් පමණ දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *