වසරකට මේ තරම් මරණ ගණනක්

මෙම වසර තුළ වන අලි 350 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්, වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, වෙඩි තැබීම් වලින් බවත් සඳහන් වෙනවා. එම සංඛ්‍යාවල 70 කට ආසන්නයි.

විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනෙකුත්, හක්ක පටස් ආහාරයට ගැනීමෙන් 35 කට ආසන්න පිරිසකුත්, දුම්රියේ ගැටීමෙන් 10 කුත් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ වන අලි මරණ වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වන ජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර හම්බන්තොටල අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින්, ගම්වදින වන අලි පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *