වයස 16 ට අඩු නම් සමාජ මාධ්‍ය තහනම්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, එරට පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියකට අනුවයි.

මෙම නව නීති දරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන හානි අවම කිරීම සඳහා ගෙන තිබෙන බවයි සැළකෙන්නේ.

දරුවන්ට ළමා කාලයක් තිබීම අවශ්‍ය බවත්, සමාජ මාධ්‍ය හරහා නිසා තම දරුවන්ට හානියක් වන බවට බොහෝ දෙමව්පියන් කණගාටු වෙන බවත් ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පවසනවා.

කුමන හෝ හේතුවක් නිසා යම් සමාගමක් මෙම නීතියට අනුකූල නොවන්නේ නම්, ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක දඩ නියම වන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Snapchat, TikTok, Facebook, Instagram සහ X යන මාධ්‍ය මෙම නීතියට ඇතුළත් බව ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන අමාත්‍යවරයා සඳහන් කරනවා.

නමුත් Gaming සහ Messaging මෙන්ම ගිණුමක් නොමැතිව සම්බන්ධ විය හැකි වෙබ් අඩවි මෙම නිතියට ඇතුළත් වන්නේ නැත. ඒ අනුව Youtube සඳහා පිවිසීමට මෙම නියමය හරහා බාධාවක් නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ නමුත් ඩිජිටල් පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ, VPN වැනි මෙවලම් හරහා මෙම සීමා කිරීම් පහසුවෙන් මග හැරිය හැකි බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *