වන්දි ලබා දෙන්න අනුමැතිය

වගා හානි සඳහා බෝග 6 ක් සඳහා හෙක්ටයාරයකට රු. ලක්ෂය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
වී, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයා බෝංචි මෙම බෝග වර්ග 06 ට ඇතුළත් වෙනවා.
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍යවරයා විසින් පසුගිය දෙසැම්බර් 02 වනදා දක්වා කාලය තුළ අයහපත් කාලගුණය නිසා සිදුවූ වගා හානි පිළිබඳව සිදුවූ හානි පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා පවසනවා.
“ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව දෙසැම්බර් මාසයේ 02 වනදා වන විට කුඹුරු අක්කර 91300ක් පූර්ණ හානියට ලක්වෙලා තියෙනවා. කුඹුරු අක්කර 86225ක් අර්ධ හානියට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල වාරිමාර්ග 173ක් පූර්ණ වශයෙනුත්, 1148ක් අර්ධ වශයෙනුත් හානියට පත්වෙලා තියෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එළවළු වගාව අක්කර 750ක් පමණ විනාශ වෙලා තියෙනවා. මේ යටතේ හානියට පත් කුඹුරුවලින් වැඩි ප්‍රමාණයක් මාස දෙකහමාර හෝ මාස තුනේ වී ප්‍රභේද, සති 3 ට වඩා ගොවිතැන් කළ කුඹුරු, ඒ අනුව මේ හානි ආපදාව අවම කරගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවෙලා තියෙනවා. ඒ අනුව ගනු ලැබූ තීන්දු තීරණ කිහිපයක්ම තියෙනවා. එකක් තමයි මාස දෙකහමාර හෝ මාස තුනේ වී ප්‍රභේද හෝ සුදුසු කෙටිකාලීන බෝග වගාකිරීම සඳහා අවශ්‍ය බිත්තර වී සහ බීජ සැපයීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කරනව. දැනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත ගොවිපොළවල තිබෙන බීජත් ඊට අමතරව පුද්ගලිකව ලබාගන්නා බීජත් මේ සඳහා භාවිත කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා. ඒ වගේම පවතින වගා රක්ෂණ ක්‍රමය යටතේ වී වගාව සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක හානි පූර්ණයක්, බඩ ඉරිඟු, අර්තාපල්, මිරිස්, ලොකු ලූනු සහ සෝයාබෝංචි යන බෝගවර්ග 05 සඳහා උපරිම වශයෙන් හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක හානි පූර්ණයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.”