වතුකරයේ නිවාස ගැටලූවට විසඳුමක්

වතුකරයේ නිවාස ගැටලුව විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියට යටත්ව මහල් 6කට වඩා අඩු මහල් සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණ ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරනවා.

වතුකරයේ නිවාස අවශ්‍යතාව 150,000කට අධික බවට ගණන් බලා තිබෙනවා.

කෙසේ වෙතත් පර්චස් 7 බැගින් වෙන් කර ඒ සඳහා තනි නිවාස ඉදිකළ හොත් වතුකරයේ ඉඩම් ප්‍රමාණය විශාල වශයෙන් නිවාස ඉදිකිරීම සඳහා වෙන් කිරීමට සිදුවන නිසා, ඒ පිළිබඳ සලකා බලා මේ තීරණයට එළඹි බව ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

මේ අතර ඉන්දීය ආධාර මත ඉදි කෙරෙන නිවාස 10,000 වැඩ අවසන් කළ තවත් නිවාස 990 ක් ජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *