වතුකරයට යන Smart Classroom

වතුකරයේ පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60 ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර ඊයේ (16) සිදුව තිබෙන බව වාර්තා වෙනවා.
මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ගත හැකි පියවරක් ලෙස නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා මෙම ස්මාර්ට් පන්ති කාමර ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
වතුකර පාසල්වල, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙහි තවත් අරමුණක් වන අතර, ඒ සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 508 ක ත්‍යාග මුදල් ආධාරයක් ලබා දී ඇති අතර, මෙම ස්මාර්ට් පන්ති කාමර වෙනුවෙන් ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115 ක මුදලක්ද වෙන් කර තිබෙනවා.
