වත්මන් ජනපතිගේ වැඩ පිළිවෙළ ප‍්‍රශංසනීයයි.

හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන්.

එම නිවේදනයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය, ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින්, එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ, කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *