96 ලෝක ශූරයින් නමින් නිවාස සංකීර්ණයක්

1996 වර්ෂයේදී ක‍්‍රිකට් ලෝක කුසලානය හිමිකර ගත් කණ්ඩායමට එවකට රජය මගින් ලබා දුන් ඉඩමෙහි නිවාස සංකීර්ණයක් ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම අද සිදුවුණා.

මෙම ඉඩම පිහිටා තිබෙන්නේ, පැලවත්ත ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේයි. මහල් 40 කින් සමන්විත යෝජිත ගොඩනැගිල්ලෙහි නිවාස 240 ක් නිමවීමට නියමිතයි.

මෙම ගොඩනැගිල්ලේ සෑම තට්ටුවක්ම ක‍්‍රීඩකයින්ගේ නමින් නම් කරන අතර, ජනතාවට තමන් කැමති ක‍්‍රීඩකයාගේ නමින් ඇති මහලින් නිවසක් ලබාගැනීමට හැකි වෙනවා.

මෙහි මුල්ගල තැබීමේ අවස්ථාවට ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, අරවින්ද ඩි සිල්වා, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කලූවිතාරණ, හෂාන් තිලකරත්නගේ බිරිඳ වන අප්සාරි තිලකරත්න යන අය මෙන්ම ක‍්‍රීඩකයින්ගේ දෙමව්පියන් ඇතුලූ පවුලේ සාමාජිකයින් සහභාගි වී සිටි බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *