ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2025

වයස අවුරුදු 19න් පහළ 20-20 බාලිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මලයාසියාවේ දී ආරම්භ වුණා.
දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් 2023 වසරේ පැවැති 19 න් පහළ 20 යි 20 බාලිකා පළමු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී එංගලන්තය, ඉන්දියාව හමුවේ පරාජය වූවා.
කණ්ඩායම් 16 ක් මෙවර තරගාවලියට එක්වන අතර, ඔවුන් A,B,C,D ලෙස කාණ්ඩ 04 ක් යටතේ තරග කරන බව වාර්තා වෙනවා.
මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයෙන් තරග කරන අනෙකුත් කණ්ඩායම් වන්නේ සත්කාරක මලයාසියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ වත්මන් ලෝක ශූර ඉන්දීය කණ්ඩායමයි.
එංගලන්තය, අයර්ලන්තය, අමෙරිකාව සහ පකිස්ථානය B කාණ්ඩයට අයත් වෙනවා.
C කාණ්ඩය යටතේ තරග කරන්නේ නවසීලන්තය, නයිජීරියාව, සමෝවා සහ දකුණු අප්‍රිකාව වන අතර, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නේපාලය සහ ස්කොට්ලන්තය D කාණ්ඩයට ඇතුළත් වනු ලබනවා.
තරගාවලියේ පළමු දිනයේදී ම එනම් අද (18) දිනයේ තරග 06 ක් පැවැත්වීමට නියමිත වන අතර, ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අනිද්දා (19) පැවැත්වීමට නියමිතයි.
මලයාසියාව සමග ශ්‍රී ලංකාව තරග වදින එම තරගය මෙරට වෙලාවෙන් උදෑසන 8.00 ට ආරම්භ වන බව සඳහන් වෙනවා.