ලෝකෙ ලොකුම වේල්ලට මොකද වෙන්නෙ?

ඊයේ (27) දිනයේ, ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානය දිනාගත් පුවත වුණේ ලොව විශාලතම ජල විදුලි වේල්ල ඉදි කිරීමට චීනය අනුමැතිය ලබා දීමේ පුවතක්. මෙය අසල්වැසි ඉන්දියාවට පවා බලපාන අනුමැතියක් වන බව සඳහන් වෙනවා.
මෙම වේල්ල ඉදිකළ පසු එය, ලොව විශාලතම ජල විදුලි බලාගාරය වන ත්‍රි ගෝජස් වේල්ලට වඩා තුන් ගුණයක විදුලි ධාරිතාවක් ඒ මගින් උත්පාදනය කළ හැකි බව
විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ව්‍යාපෘතිය පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ආරක්ෂිත ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන අතර, එමගින් දේශිය ආර්ථිකය හා සංවර්ධනයට උපකාරි වන බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ නමුත්, මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ටිබෙට් ජාතික ජනතාව අවතැන්වීමට ඉඩ ඇති බව මානව හිමිකම් කණ්ඩායම් සහ ඇතැම් විශේෂඥයින් පෙන්වා දෙනවා. ඒ වගේම, ඉන්දියාව සහ බංගලාදේශයේන් පහළ කලාපවලට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳව ඔවුන් කනස්සල්ල පළ කරනවා.
ටිබෙටයේ දිගම ගංගාව වන ශ්රකමබට Yarlung Tsangpo (යාලුං සැන්ග්පෝ) හි ගලායාම වෙනතකට යොමු කරමින්, සිදුකරන මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවම වශයෙන් කිලෝමීටර් 20 ක් දිග උමං මාර්ග හතරක් කැණීමට සිදුවනු වනු ඇති බව වාර්තා සඳහන් කරනවා.