ලෝකෙත් එක්ක ඉස්සරහට යමු

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මෙමගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකියාව ලැබෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ලබන අප්‍රේල් මාසයට පෙර නව කාඩ් පත හඳුන්වා දීමට නියමිත වන අතර, එහිදී එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කෙරෙනු ඇත.

මීට සමගාමීව අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා ද නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *