ලොවක් හඬවා අවසන් ගමන් ගිය ඇය

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපානයේ ටොමිකෝ ඉටූකා (Tomiko Itooka) මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යනවිට ඇය 116 වියේ පසු වූ බව සඳහන් වෙනවා.
1908 මැයි 23 වන දින අෂියා අසල ඔසාකාහි වාණිජ කේන්ද්‍රස්ථානයේ උපත ලබා තිබෙන ඇයට, දරුවන් හතර දෙනෙකු සහ මුණුබුරන් පස් දෙනෙකු ද ඇයට සිටින බව සඳහන් වෙනවා.
2024 අගෝස්තු මාසයේදී වයස අවුරුදු 117 දී ස්පාඤ්ඤයේ Maria Branyas Morera මිය යාමෙන් පසුව ටොමිකෝ ඉටූකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස නම් කර තිබෙනවා.