ලොකුවට පෙන්නන හාල් ප‍්‍රශ්නෙ

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු මේ මස 20 වැනි දායින් පසුව ආරම්භ කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසනවා.

රජයේ වී ගබඩා ප්‍රමාණය ඉහළ දැමීමට සහ සතොස හරහා සහල් අලෙවි කිරීමේ කටයුතු පුළුල් කිරීමට කටයුතු යොදා ඇති බව එහි නියොජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා සඳහන් කරනවා.

පෙර වසරවලට සාපේක්ෂව වැඩි වී අස්වනු ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කටයුතු යොදන ​බවත්, භාවිතයට නොගෙන විනාශ වෙමින් පවතින වී ගබඩා පිළිසකර කිරීම ද සැලසුම් කරන බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

පසුගිය වසර කිහිපය තුළ වී අලෙවි මණ්ඩලය සඳහා වෙන් කර තිබූ තුළ රුපියල් මිලියන 28,000 ක මුදලක් අවභාවිත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, එම අක්‍රමිකතා පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බවත් ඉදිරියේදී විනිවිදභාවයකින් යුතුව වී අලෙවි මණ්ඩලය කටයුතු කරනු ඇති බවත්, නියෝජ්‍ය අමාත්‍ය ඍගඵ ජයවර්ධන මහතා පවසනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *