ලේකම් කාර්යාලයෙන් අතුරුදන් වූ වාහන

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 29 ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවියට දන්වා තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කළ බවත්, එම වාහන අතුරුදන්වීම සම්බන්ධයෙන් අතිරේක ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, විමර්ශන නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා. එලෙස අස්ථානගත වී ඇති බව කියන වාහන 29 න් වාහන 16ක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ තොරතුරු අනාවරණය වී ඇති නමුත්, අනෙක් වාහන 13 පිළිබඳව කිසිඳු තොරතුරක් මේ දක්වා අනාවරණය වී නොමැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පවසනවා.

විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය, විධිමත්ව විමර්ශන සිදුකර එහි ප්‍රගතිය ලබන මාර්තු 12 වෙනිදා තම අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කර සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *