ලියුෂි 200 ක් හදන්න පටන්ගෙන

චීනයේ විශේෂිත රැඳවුම් පහසුකම් සහිත නව බන්ධනාගාර 200 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බන්ධනාගාර ඉදිකෙරෙන්නේ, දූෂණ විරෝධී මෙහෙයුම වේගවත් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් ගත් තීරණයට අනුවයි.

එහිදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් නීති උපදේශකයින් හෝ පවුලේ සාමාජිකයින් හමුවීමකින් තොරව මාස 06 ක කාලයක් රඳවා තැබීම සඳහා අදාළ බන්ධනාගාර ඉදිකිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසනවා.

ලියුෂි ලෙස හැඳින්වූ මෙම බන්ධනාගාර 2018 වසරේ දී ද ඉදිකිරීමට පියවර ගෙන තිබූ අතර අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් එම මධ්‍යස්ථානවල දී විවිධ වද හිංසනවලට ලක්කරන බව ද චෝදනා එල්ල වී තිබුණා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *