ලැයිස්තුවේ මුල්තැන ගත් ධනවතා

Bloomberg වෙබ් අඩවිය විශේෂ වාර්තාවක් නිකුත් කර තිබෙනවා. ඒ,ඊලෝන් මස්ක් පිළිබඳවයි. එම වාර්තාවට අනුව ඩොලර් බිලියන 400 ක වත්කමකට හිමිකම් කියන ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට ඊලෝන් මස්ක් පත්වෙලා සිටිනවා.

එම වාර්තාවට අනුව, මස්ක් සතු සමාගමක් වන Bloomberg billionaires index හි අභ්‍යන්තර කොටස් විකිණීම මගින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ වගේම, මස්ක්ගේ ටෙස්ලා සමාගමේ කොටස්ද පසුගිය බදාදා සමාගම් ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණීමත් සමග ඔහුගේ වත්කම ඩොලර් බිලියන 447 ක් දක්වා ඉහළ ගොස් ඇති බව Bloomberg billionaires index සඳහන් වෙනවා.

විශේෂයෙන්ම ඒ අනුව, ඊලෝ මස්ක්ගේ එක් දිනෙක වත්කම ඩොලර් බිලියන 62.8 ක් වන අතර, එය දැනට වාර්තාගත ඉහළම අගයක් ලෙස සළකනවා.

ඒ වගේම, ලෝකයේ ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ වත්කම් එකතුව ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවා ඇති බව සඳහන් කරන මෙම වෙබ් අඩවිය, එම වත්කම් ප‍්‍රමාණය 2023 වර්ෂයේ ජර්මනිය, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ඒකාබද්ධ දළ දේශය නිෂ්පාදනයට සමාන බව සඳහන් කරනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *