ලාංකික ශ‍්‍රමිකයින්ගේ ගැටලූවට විසඳුම්

සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින්ගේ වැටුපෙන් සමාජ ආරක්ෂණ අරමුදල් ලෙස ලබාගන්නා මුදල් ඔවුන්ට යළි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට පුවතක් පසුගිය කාලයේ වාර්තා වුණා.

ඒ අනුව, සයිප්‍රසයේ සේවයේ නිරත මෙරට ශ්‍රමිකයින් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කරගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසනවා.

අදාළ මුදල් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයා පවසා සිටියා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *