ලයන් වෝරියර්ස් හි ඇරඹුම

2036 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීමේ දස අවුරුදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට, ශ‍්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් කණ්ඩායමක් පසුගියදා වැඩසටහනක් ආරම්භ කළා. එය නම්කර තිබෙන්නේ, “ලයන් වෝරියර්ස්” නමින්.
ලොව බොහෝ රටවල් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පදක්කම් දිනාගැනීම වෙනුවෙන් දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීම සිදු කෙරෙන අතර, එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පෝෂණ අවශ්‍යතා, පුහුණුවීම් ඇතුළු සියලු පහසුකම් සපයනු ලබනවා.
අපේ රටේ ක්‍රීඩා බලධාරීන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කරනු ලබන්නේ, ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට වසර දෙක තුනකටත් අඩුකාලයක් තිබියදීයි.
එවන් පසුබිමක වසරින් වසර අගාධයට යන මෙරට ක්‍රීඩාවට නව පණක් දීමට සහ 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකවට පදක්කම් 10 ක් දිනාදීමේ අරමුණ ඇතිව මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රෙයේ ප්‍රවීණයින් පිරිසක් “ලයන් වෝරියර්ස්”නමින් දිගුකාලීන සැලසුමක් මේ වනවිට ක්‍රියාවට නංවා තිබෙනවා.
මෙම වැඩසටනේ නිර්මාතෘ වන්නේ, කවපෙත්ත සහ යගුලිය ඉසවේ ජාතික වාර්තාවට කිහිප වරක් හිමිකරගත් තලවොව් අලයිලීමායි.
විශේෂත්වයක් වෙන්නේ, මේවන විටත් ඔහු සමග ප්‍රවීණයින් රැසක් “ලයන් වෝරියර්ස්” වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටීමයි.
මෙම වැඩසටහන යටතේ වර්තමානයේ මෙරට සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු, මේ දක්වා 2036 ඔලිම්පික් උළෙල සඳහා සූදානම් කෙරෙමින් පවතින අතර, ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහ පෝෂණයද මෙම වැඩසටහන හරහා වසර 10ක් පුරා හිමිවන බව සඳහන් වෙනවා.