ලංකාවට ආ සරණාගතයින්

මුලතිව් වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ඔබ්බෙන් වූ මුහුදට පාවී ආ මියන්මාර් සරණාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය ලබන 31 වනදා දක්වා රකිෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙම යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන් වෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගනු ලැබුවා.

එම යාත‍්‍රාව ඊයේ (20) දිනයේදී ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන ආ බව වාර්තා වෙනවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *